Lubuntu 14.04 Install කරන ආකාරය [Video]

මට හිතුනා අද Lubuntu Install කරන ආකාරය ගැන ලියන්න.

මම කලින් කිව්වා නේ Lubuntu කියන්නේ මොකක්ද කියලා . (ඒ ලිපිය බැලුවේ නැතිනම් මෙතන ඔබලා ගිහින් බලන්න )

Lubuntu ගැන පුංචි විස්තරයක් මෙතන ලියන්නම් නැත්ම් ටිකක් ලිපියම අප්ස්ට් වගේ නේ. Lubuntu කියන්නේ RAM එක අඩු පරිගණක වලට හදපු OS එකක්. Lubuntu වල වැඩ කරන්න උපරිම MB 90 RAM එකක් සැහේ. මේක හදන්නෙත් Ubuntu එකෙන්. Ubuntu සහ Lubuntu අතර කිසිම තාක්ෂණික වෙනස්කමක් නැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි.

තවත් වැඩි විස්තර කලින් දුන්න ලිපියෙන් බලන්න.

Lubuntu 14.04 Install කරන හැටි තියෙන Video එකක් මන් හොයා ගත්තා Youtube එකේ තිබිලා. මම ඔය පහත දාලා තියන්නේ ඒක. ඒක බලලා ඔබත් Lubuntu Install කරනවනම් කර ගන්න පුලුවන්.

Lubuntu Install කරගන්න කලින් Download කරගන්න ඕනේ නේ . එකට මෙතනට යන්න. https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu 696 Mb විතර තියෙන ISO එක.

Download කර ගත්තට පස්සේ ඒ iso එක CD එකක Write කරගන්න ඕනේ. නැතිනම් Pen Drive එකට දාලා Install කරගන්න පුලුවන් . CD එකක Write කරන හැටි මම ලියන්න යන්නේ නැහැ . ඒක හැමෝම දන්න දෙයක් නේ . Pen Drive එකට ඔය ISO එක දාගන්න හැටි විතරක් ලියන්නම්.

Universal Usb Installer කියලා Software එකක් තියෙනවා එක Download කරගන්න මෙතනින්. http://www.pendrivelinux.com/downloads/Universal-USB-Installer/Universal-USB-Installer-1.9.5.5.exe

දැන් Download කරගත්ත Software එක Install කරගෙන Open කරගන්න.

Pen Drive එකත් Computer එකට ගහන්න. Pen Drive එකේ ඇතුලේ තියෙන file වල බැකප් එකක් අරන්. Pen Drive එක format කරගන්න.

ඊට පස්සේ පහත රුපයේ වගේ Setup 1 එකෙන් කියන්නේ Pen එකට දාන්න යන OS එක තෝරන්න කියලා . එකේ Lubuntu කියලා එකක් නැතිනම් Ubuntu තෝරන්න.

Step2 කියන්නේ අර Download කරගත්ත .iso එක තෝරන්න කියලා.

Step3 කියන්නේ ඔබේ Pen Drive එක තෝරන්න කියලා Install කරන්න යන.

ඒ ඔකොම කරගෙන Create ඔබන්න.

ඔකොම Pen එකට ගියාට පස්සේ පහත රුපයේ වගේ පෙනිවී

දැන් ඉතින් තියන්නේ Computer එක Reboot කරලා වැඩේට බහින එක . පහත Video එකත් බලලා ම වැඩේ කරන්න.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *