Ubuntu / Debian VPS එකකට VNC වලින් Login වෙන ආකාරය

මම අද ලියන්නේ Ubuntu / Debian VPS එකකට VNC වලින් ලොග් වෙන ආකාරය ගැනයි.

මුලින්ම RAM එක 512 වැඩි Linux VPS එකක් මිල දී ගන්න. (Wine දාලා Hitleap Run කරන්න වගේ යනවනම් 1Gb RAM එකක් සහිත VPS එකක් ගන්න එක හොදයි)

ඊළගට Ubuntu / Debain OS දෙකෙන් ඕනම සංස්කරණයක් install කරගන්න. (Wine වගේ භාවිතා කරන්න ඉන්නවනම් Ubuntu වල 32bit සංස්කාරණයක් දාගන්න එක හොදයි. 64bit ඒවාගේ මටනම් Wine වැඩ කලේ නැහැ.)

ඊට පස්සේ Putty Download කරගන්න.

32bit https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
64bit https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe

Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

ඔය Security Aleat එකට Yes ඔබන්න.

ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

VPS එකට SSH වලින් ලොග් උනාම මෙන්න මේ වගේ

ඊලගට පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.

apt-get update

ඊළගට apt-get install xorg lxde-core tightvncserver – y

මෙහෙම එකක් එයි එකට English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න

ඊළගට

tightvncserver :1

දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.

ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න

දැන් VNC Install කරගෙන ඉවරයි.

VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න

ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.

ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මෙන්න මේ වගේ.

ඔයා VPS එක reboot හෝ Power Off කරලා On කොලොත් හරි VNC Off වෙනවා. නැවත VNC On කරගන්න පහත Commend එක භාවිතා කරන්න.

tightvncserver :1

දැන් VNC Install කරගෙන ඉවරයි. ගැටළු එහෙම තියෙනවනම් අහන්න

————-

තව ඕකට firefox එහෙම දාගන්න ඕනම් මෙන්න Command එක

apt-get install firefox

Mouse එක x වගේ පේනවනම් lxappearance දාලා. VNC වලින් ලොග් වෙලා එක Open කරලා Close කරානම් Mouse mouse pointer එක එනවා.

apt-get install lxappearance

Wine දානවනම්

apt-get install wine

hitleap දානවනම්.

cd Desktop

wget -O hitleap.msi http://hitleap.com/viewer/latest

wine start hitleap.msi

Tags:,

Add a Comment

Your email address will not be published. Required fields are marked *