WordPress සයිට් එකක Password එක phpMyAdmin වලින් Rest කරන ආකාරය

මට මාර සින් එකක් උනා ඊයේ. මට තිබුනා WordPress සයිට් එකක බැකප් එකක් ඒ සයිට් එක කරන එක නවත්තලා දාපු එකක් . දැන් කොහොම හරි බැකප් එක upload කරලා සයිට් එකත් හැදුවට පස්සේ . මට සයිට් එකට Login වෙන්න pass මතක නැහැ . Password එක Rest කරන්න පුලුවන් උනත් කෙරුවට වැඩක් නැහැ සයිට් එකේ WordPress Install කරද්දී දුන්න E-mail එක දැන් මගේ ලග නැහැ (ඒක මන් Delete කරලා ) පස්සේ මට හිතුනා. WordPress සයිට් එකේ Database එකෙන් Password එකේ වෙනස් කරන්න පුලුවන් කියලා .

ඊට පස්සේ Cpanel එකේ phpMyAdmin වලින් Database එකට ගිහිල්ලා වැඩේ පහසුවෙන් කර ගත්තා. ඉතින් මට මේක කර ගත්ත හැටි ලියන්න හිතුනා.

මුලින් ම Cpanel එකට Login වෙන්න (WordPress සයිට් එක හදපු Host එකේ)

ඔබන්න කෙලින්ම phpMyAdmin

ඊළගට phpMyAdmin වලින් ඔබේ WordPress සයිට් එකේ Database එක තෝරාගන්න.

එකේ තියෙන Browse Tab එක ඔබන්න.

එකේ තියෙනවා wp_users කියලා table එකක් ඒක ඔබන්න.

ඊළගට ඔය රුපයේ පරිදි wp_users එකේ පැන්සල් ලකුණ ඔබන්න.

ඊළගට තියන්නේ අලුත් Password එක දාන එක Database එකට . අර පැන්සල් ලකුණ ඉබුවට පස්සේ පහත රුපයේ වගේ තැනකට යාවි එතන තියෙනවා user_pass field එකක් එකේ value එකේ තියෙන ඒවා සම්පුර්නයෙක් මකන්න. (එතන තියන්නේ ඔබ කලින් දාපු Password එක . හැබැයි වෙනස් විදියකට තමයි එක save වෙන්නේ . අපි අලුතින් දාන Pass එකත් ඒ විදියටම save කරන්න වෙනවා )

ඊළගට යන්න මේ සයිට් එකට. http://pajhome.org.uk/crypt/md5/

දැන් ඔය සයිට් එකේ Input Calculate කියන තැනට WordPress සයිට් එකට දාන අලුත් Password එක දීලා MD5 ඔබන්න. ඊට පස්සේ Result එකට එන කෝඩ් එක Copy කරගෙන . අර user_pass field එකේ value එකට Paste කරන්න. කරලා යට තියෙන Go කියන එක ඔබන්න save වෙන්න . ඊට පස්සේ ඔබේ WordPress අඩවියට Login වෙන්න අලුත් Password එක දීලා .

මේ තියන්නේ ඕක කරන හැටි තියෙන Video එකක්

Add a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *