ඉන්ටනෙට් පැකේජ් එකේ ඩේටා ටික ඉතුරු කරගන්න පුළුවන් මෘදුකාංගයක්

Internet පැකේජ් එක Unlimited නොවේනම් Internet පැකේජ් එකේ Speed එක වැඩි වෙන්න වැඩි වෙන්න Data ටික ඉක්මනින් වාෂ්ප වෙනවා වගේ ඉවර වෙනවා.

ඕකට විසදුමක් විදියට Software එකක් තියෙනවා Internet Speed එක අවශ්‍ය

වෙලාවට අඩු වැඩි කරගන්න පුළුවන්.

සාමාන්‍ය වෙබ් සයිට් වලට යනකොට kbps 250 ක විතර Speed එකක් දීලා Video එකක් හෝ Download වැඩක් කරනකොට උපරිම Speed එකට වැඩි කරගන්න පුළුවන්. මමනම් Facebook යනකොට Kbps 150 විතර අඩු කරගෙන යන්නේ නැත්තම් ඔකේ තියෙන Photo කෑලි වලටයි Auto Play වෙන Video වලට සැහෙන Data ප්‍රමාණයක් කැපෙනවා.

මේකේ නම තමයි Net Limiter (ගොඩක් අයනම් මේක දන්නවා ඇති. මමත් මේක ගැන දැන ගෙන හුග කාලයක් වෙනවා. නොදන්නා අය වෙනුවන් තමයි මම මේක ලිව්වේ) මේකෙන් පුළුවන් වෙබ් බ්‍රවුසර් වලට වෙන වෙනම වේගය සිමා දාන්න.

තව පරිගනකයේ Auto Update වෙන මොනවා හරි තියෙනවනම් ඒවාට වෙන වෙනම වේග සිමා දාන්න පුළුවන්.  එහෙමත් එපානම් මුළු පරිගනකයටම එක වේග සිමාවක් දාගන්න පුළුවන්.

මේ මෘදුකාංගය Windows 7 , 8, 10, හෝ ඊට පසුව එන ඕන එකකට පුළුවන් කියලා තමයි Net Limiter වෙබ් අඩවියේ තියෙන්නේ.

මෙත්නට ගිහිල්ලා Net Limiter  Download කරගන්න.  (File Size Mb 10 විතර)
https://www.netlimiter.com/download

Add a Comment

Your email address will not be published. Required fields are marked *